පේරාදෙණිය – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට

පේරාදෙණිය – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට

පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු.මිලියන 7200 ක් වැය කර සංවර්ධනය කල බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කළ බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වේ. මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධන ය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) දින සිදු කෙරිණි.

බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධනය කල මාර්ගයේ දුර කි.මි 86.7 ක්. මෙම මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනය 2014 වසරේ දී සිදු කර ඇත. මෙම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර තිබෙනවා. පලමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර තිබෙන අතර එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර තිබෙනවා. මෙම බිබිල සිට චෙන්කලාඩි දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 7,200 ක මුදලක් වැය කර ඇති අතර මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා තිබෙන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් හා දේපළ අහිමු වූ බිබිල, රිදීමාලියද්ද, පදියතලාව සහ මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වලට ජනතාව වෙනුවෙන් මේ වන විට රු.මිලියන 12.4 ක මුදලක් ගෙවා තිබෙනවා.

شبكة سيلان الإخبارية

أول موقع عربي مستقل من جمهورية سريلانكا ويهتم بنشر ما هو جديد ومفيد على مدار الساعة من أخبار سريلانكا والمالديف ودول جنوب آسيا والعالم.

اترك تعليقاً

لن يتم نشر عنوان بريدك الإلكتروني. الحقول الإلزامية مشار إليها بـ *