පාකිස්තාන වැසියන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව ඉල්ලයි

පාකිස්තාන වැසියන් ශ්‍රී  ලාංකිකයින්ගෙන් සමාව ඉල්ලයි

පාකිස්තානයේ සියල්කොට් හි ක්‍රීඩා උපකරණ කම්හලක කළමනාකරුවෙකු ලෙසින් සේවය කල ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියෝදන ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොහෝ පාකිස්තාන ජාතිකයෝ අතිශය කම්පාවට පත්ව සිටිති.

සාමාන්‍යයෙන් පාකිස්තාන වැසියන් ශ්‍රී ලාංකිකයින් සමඟ දැඩි මිත්‍රත්වයක් දක්වන අතර මැර කණ්ඩායම ප්‍රියන්තට පහරදී මරා දැමීමේ සිද්ධිය පිළිබදව කම්පාවට පත් ඇතැම් පාකිස්තාන වැසියෝ සමාජ මාධ්‍ය ඔස්සේ මේ කුරිරු අපරාධය හෙළා දකිමින් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව යැද තිබුණි.

ඉස්ලාමබාද් නුවර පිහිටි Global Youth Association සංවිධානයේ සභාපති කාශිෆ් Zසහීර් (Kashif Zaheer) ට්විටර් ඔස්සේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයක් කරමින් “පකිස්තානු ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියෝදනගේ පවුලේ අයගෙන් මම සමාව අයදිනවා …” යනුවෙන් සඳහන් කර තිබුණේ දෙඅත් ඔසවා ආචාර කරන සංඥාවක් ද සමගිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කෙතරම් සංවේදී වී ඇත්දැයි පිළිබඳ, මෙම ට්විටර් පණිවුඩය කදිම ඉඟියක් සපයන්නකි

AR Khan නම් තවත් පාකිස්තාන වැසියෙකුද දැඩි කනගාටුව පළකරමින් කියා තිබුණේ ඉස්ලාම් ධර්මය හෝ පාකිස්තානය යනු මෙවැන්නක් නොවන බවයි.

(BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් පිටුවෙන්)

شبكة سيلان الإخبارية

أول موقع عربي مستقل من جمهورية سريلانكا ويهتم بنشر ما هو جديد ومفيد على مدار الساعة من أخبار سريلانكا والمالديف ودول جنوب آسيا والعالم.

اترك تعليقاً

لن يتم نشر عنوان بريدك الإلكتروني. الحقول الإلزامية مشار إليها بـ *